Sunday, March 2, 2025

General line - 0115112241

සම්පන්දන්ගේ අභාවයත් සමග හිස් වූ අසුනට කදිරවේලු සම්මුගම් කුගදාසන්



ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන්  මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින්  නම් කර තිබෙනවා.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2)  වගන්තියට ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ.

අදාළ නම් කිරීම ගැසට් නිවේදනයක් මගින් පෙරේදා (02) නිකුත් කර තිබේ.

කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා කලක් අභාවප්‍රාප්ත  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධයෙන් මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබේ.

ඊට අමතරව කුගදාසන් මහතා දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති ලෙස මේ වන විටත් කටයුතු කරයි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි  නව නායකයා තෝරා ගැනීම සඳහා පසුගිය කාලය පැවති මධ්‍යම කාරක සභාවේදී එම පක්ෂයේ  මහ ලේකම්වරයා ලෙස කුගදාසන් මහතා පත් කරනු ලැබූ අතර එම පත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන මේ වන විට ත්‍රිකුණාමල දිසා  අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී .