Monday, March 3, 2025

General line - 0115112241

මත්තල ගුවන් තොටුපළ ඉන්දීයාවට සහ රුසියාවට



අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොළ කළමනාකාරීත්වයද ඉදිරි සති කිහිපය තුළ රුසියානු - ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවයි. සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.  

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් සියයට 49ක් පමණයි.

කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා.


වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.