Monday, March 3, 2025

General line - 0115112241

ඉන්දියාව සහ කටාරය ගාසා තීරය ගැන කතාවක්.



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්, කටාරයේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම  විදේශ අමාත්‍ය Mohammed bin Abdulrahman bin Jassim Al Thani දෝහාහිදී හමුවූණා.

ඔවුන් දෙදෙනා විවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ප්‍රධාන කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දේශපාලන, වෙළඳාම, ආයෝජන, බලශක්ති, තාක්ෂණය, සංස්කෘතිය සහ මිනිසුන් අතර හුවමාරුවන්හි සහයෝගීතාව අවධාරණය කරමින් විදේශ අමාත්‍යවරයා ඉන්දු - කටාර් සබඳතාවයේ ශක්තිමත් ස්වභාවය අවධාරනය කර තිබෙනවා.

“අපි අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සමාලෝචනය කළේ දේශපාලන, වෙළඳාම, ආයෝජන, බලශක්තිය, තාක්‍ෂණය, සංස්කෘතිය සහ මිනිසුන් සමඟ ඇති සබඳතා කෙරෙහි අවධානය යොමු කරමිනි,” යනුවෙන් X ගිණුමේ සටහනක් තබමින් ජයශංකර් පැවසුවා.

අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව ද එහිදී  සාකච්ඡා කර තිබෙනවා.

ජාත්‍යන්තර කාරණා සම්බන්ධයෙන් ජාතීන් දෙක අතර සංවාදයේ ගැඹුර පිළිබිඹු කරමින් ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය අල් තානි විසින් පළ කළ අදහස් සම්බන්ධයෙන් අමාත්‍ය ජයිශංකර් කෘතඥතාව පළ කළා.

කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කර ගත් අතර ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ද ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගෙන තිබුණා