Saturday, April 20, 2024

General line - 0115112241

අද තරඟයේ ටිකට් අවසන්..! වැඩි මිලට ටිකට් විකිණීමේ ජාවාරමක්..!




ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ සියලූ ප‍්‍රවේශපත‍්‍ර අලෙවි අවසන් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත් කී‍්‍රඩාංගණය අසල රැඳී සිටින ඇතැම් පුද්ගලයින් ප‍්‍රවේශ පත‍්‍ර වැඩි මිලට අලෙවි කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර අද තරයට අධික ශබ්ද සහිත නලා රැගෙන එ්මද තහනම් කර තිබෙනවා. තරග නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්ෂකයින් දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර එවැනි නලා රැගෙනවිත් තිබුණහොත් එ්වා ආරක්ෂක නිලධාරීන් භාරයට ගන්නා බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කළේ.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන දෙවන එක්දින තරගය අද පස්වරු 2 යි 30ට ආරම්භ වීමට නියමිතයි. තරග 5 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ එකට බින්දුවක් ලෙස ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම මේ වන විට පෙරමුණ ගෙන සිටිනවා.