දීර්ඝ කාලයක සිට උපකාර පංති අසළ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රාගම, හොරපේ දුම්රියපල ඉදිරිපිටදී, අදාළ උපකාරක පංති පවත්වන ස්ථානය අසලදී සහ හින්කෙන්ද මුදිතා මාවතේදීයි.
මෙහිදී වැටලීම් 04ක් සිදුකර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අදාළ සැකකරුවන් රාගම සහ කුරුකුලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 24ත් 34ත් යන වියේ පසුවන පුද්ගලයින් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.