Thursday, April 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව කළ වෙනසේ පළ නෙළයි




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දැන් පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී දෙපිලම සුවිශේෂී වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

එනම් ඕස්ට්‍රේලියාව මෙම තරගයේදී සිය ප්‍රධාන වේගපන්දු යවන්නෙක් ඉවත් කර ඒ වෙනුවට දඟ පන්දු යවන්නෙක් සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමයි.  ඉකුත් තරගයේදී ප්‍රධාන වේගපන්දු යවන්නෙක් වන Josh Hazlewood වෙනුවට ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් වන නෙතන් ලියොන් (Nathan Lyon) එක් කරගෙන තිබෙනවා.

එම තීරණය මල්පල ගන්වමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවෙක් වන තිලකරත්න ඩිල්ෂාන්ගේ කඩුල්ල දවා ගත්තේ නෙතන් ලියෝන් විසින්. ඒ ලකුණු 10 ක් ලබා සිටියදීයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේද ප්‍රධාන වේග පන්දු යවන්නෙක් එක් වන්නේ නැහැ. ඒ වෙනුවට දඟ පන්දු යවන්නන් කිහිපදෙනෙකු එක් කරගෙන තිබෙනවා.