විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයකට එළඹෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
සියලු පාර්ශව සමඟ එක්ව මේ වනවිටත් සංශෝධනය කිරීමට නියමිත මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ.
ජනතාවට සහනදායී විදුලි ගාස්තු සංශෝධනයක් අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් වැඩිදුරටත් පැවසුවේ.