Tuesday, May 20, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසක අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

එන් ඒ ඩබ් නිරෝෂන්



ප්‍රදේශ රැසක අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා පැවසුවේ.