Saturday, April 20, 2024

General line - 0115112241

චන්දිමාල්ට 99 න් ගිලිහුණු වාර්තාව




පිට පිටම එක්දින තරග 06 කදී අර්ධ ශතක 06 ක් වාර්තා කළ ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් අතරට එක්වීමට ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල්ට ලැබුණු අවස්ථාව අද (24) ගිලිහී ගියා.

ඒ මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීයි. ලකුණු 48 ක් ලබා සිටියදී පාදයේ වැදුනු පන්දුවකට විනිසුරු දැවී යාමක් ලබා නොදුන්නද ඕස්ට්‍රේලියානු නායකයා 03 වැනි විනිසුරුගෙන් කළ ඉල්ලීමකට අනුව චන්දිමාල් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරුණා.

සනත් ජයසූරිය,තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් මින්පෙර නොකඩවා අර්ධ ශතක 5ක් ලබාගෙන තිබුණා. දිනේෂ් චන්දිමාල් ද ඒ අනුව පිට පිටම අර්ධ ශතක 05 ක් ලබා ගත් ක්‍රීඩකයන් අතර නතර වුණා.

මින් පෙර පිට පිටම වාර්තා වූ වැඩිම අර්ධ ශතක ප්‍රමාණය 07 ක්. එම දස්කම කර ඇත්තේ ගෝඩන් ග්‍රීනිඩ්ජ්,ඇන්ඩෘ ජොන්ස්,මාක් වෝ,මොහොමඩ් යුසුෆ්, ජාවෙඩ් මියෙන්ඩාඩ් හා කේන් විලියම්සන් පමණයි.

අර්ධ ශතකයේ සීමාව පසුකර ගිය වැඩිම වාර ගණනට හිමිකම් කියන්නේ පාකිස්තානයෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වූ ජාවෙඩ් මියෙන්ඩාඩ්. ඔහු පිට පිටම තරග නමයකදී ලකුණු 50 ට වැඩියෙන් රැස්කරගෙන තිබෙනවා. ඊට අර්ධ ශතක 07 ක් සහ ශතක 02 ක් ඇතුළත්.