Friday, April 19, 2024

General line - 0115112241

යහපාලන ආණ්ඩුවෙත් දූෂණ තියෙනවලු




බලාපොරොත්තු නොවූ දූෂණ හා අක‍්‍රමිකතා යහපාලනය තුළද සිදුවෙමින් ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.

කෝප් වාර්තාවෙන්ද හෙළිකර ඇති ශී‍්‍ර ලංකා මහබැංකුවේ මූල්‍ය අක‍්‍රමිකතා ඊට උදාහරණයක් බවයි එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියාසිටියේ. මෙම අක‍්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට දඬුවම් ලබාදිය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් එම අදහස් පළ කළේ කොළඹ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. කෝප් වාර්තාවෙන් හෙළිකර ඇති සෙසු අක‍්‍රමිකතා පිළිබදවද සුදුසු පියවර කඩිනමින් ගතයුතු බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.