Saturday, April 20, 2024

General line - 0115112241

සයිටම් සිසුන් ගැන සහතිකයක්




විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ කිසිවෙකු මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම නොලබන බව එහි පාලනාධිකාරිය අද (24) නැවත අවධාරණය කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් පැවසුවේ සිය ආයතනයට සියලු බඳවා ගැනිම් සිදු කරන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේද අධීක්‍ෂණයෙන් බවයි.

මහාචාර්ය නෙවිල් පෙරේරාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලබාදෙන වෛද්‍ය උපාධිය කොන්දේසි කිහිපයකට යටත්ව පිළිගත යුතු බව කමිටු දෙකක් විසින්ද නිර්දේශ කර තිබෙන බවයි.

අදාළ කොන්දේසි සියල්ල පාහේ මාලඹේ පෞද්ගලික වෛද්‍යලය මේ වනවිට සම්පූර්ණ කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.