Saturday, April 20, 2024

General line - 0115112241

වරායේ 75% ක් පෞද්ගලීකරණය වෙනවලු




වරායේ සියයට 75 ක් පෞද්ගලීකරණය කිරීමට සූදානමක් ඇතැයි කෝප් කමිටුවට හෙළි වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කමිටුවේදී මේ බව හෙළි වූ බවයි සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද රට පෞද්ගලීකරණය කිරීමේ පවෙන් ගැලවිය නොහැකි බවයි හෙතෙම වැඩි දුරටත් පැවසුවේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.