Saturday, April 20, 2024

General line - 0115112241

ඉතාලි භූ කම්පනයෙන් 39 ක් මරුට – 150 ක් අතුරුදහන්




මධ්‍යම ඉතාලියේ ඇති වූ රික්ටර් පරිමාණ 6.2 ක භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, භූ කම්පනයෙන් පසුව සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 150 ඉක්මවනු ඇති බවයි ඉතාලි බලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ.

එරට වේලාවෙන් අලුයම 3.36 ට ඇති වී තිබෙන මෙම භූ කම්පනයේ අපකේන්ද්‍රය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් වාර්තා වී තිබූ බවයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

භූ කම්පනය හේතුවෙන් වැඩිම බලපෑමක් ඇති වූ පළාත් ලෙස අමර්ට්‍රීස් හා ඇකියුමොයිල් සැලකෙනවා. එම පළාත්වල ගොඩනැගිලි රැසක් සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර ඉතාලියේ අද සිදුවූ භූ කම්පනයෙන් ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙකුටත් හානි සිදුවී නැතැයි එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා. එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය මගින් දුරකතන අංකයක්ද නිවේදනය කර ඇති අතර ඒ හරහා මේ පිළිබඳ තොරතුරු සංනිවේදනය කෙරෙනවා.

Untitled25Italyquake-SS-HP-slide-T489-videoSixteenByNineJumbo1600-v4 map-Artboard_1