Friday, March 29, 2024

General line - 0115112241

කවුරුත් දැක්කෙ නැති hat-trick එක




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින කි‍්‍රකට් තරගයක රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කර ගැනීමට ශී‍්‍ර ලංකාව අද (24) සමත් වුණා. ඒ කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද පැවැති තරගයේදීයි.

දෙපිළ අතර පැවැත්වෙන තරග 5 කින් යුත් තරගාවලියේ දෙවන තරගය මෙයයි.

ශී‍්‍ර ලංකාව පන්දුවාර 48 යි පන්දු 5 කදී ලකුණු 288 කට සියලු දෙනා දැවී ගියා.

ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන්නෙකු වන ජේම්ස් ෆෝ්ර්ක්නර් කඩුලු 3 ක් දවා ගැනීමට (hat-trick) සමත් වුණා.

මෙම කඩුලු ත්‍රිත්වය දැවී යන්නේ 45 වැනි පන්දුවාරයේ 06 වැනි පන්දුවේදී කුසල් ජනිත්, 47 වැනි පන්දුවාරයේ 01 වැනි පන්දුවේදී මැතිව්ස් සහ 47 වැනි පන්දුවාරයේ 02 වැනි පන්දුවේදී තිසර පෙරේරා ලෙසයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 69 ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57 ක් ද ලබාගත්තා. 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ලකුණු 54 යි.

 

foknar 700