Tuesday, May 20, 2025

General line - 0115112241

ආරක්ෂක අංශ සාමාජිකයින් දේශපාලනීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ආරක්ෂක අංශ සාමාජිකයින් දේශපාලනීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එලෙස දේශපාලනීකරණයට ලක්ව ඇති ආරක්ෂක අංශ සාමාජිකයින් ඉන් මුදවා ගැනීමට තමන් කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ. 

මාතර ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ විශ්‍රාමික රණවිරුවන්ගේ සමුළුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.