Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ඇමතුම් දත්ත අතුරුදන්




රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ දින රාති‍්‍රයේ එවකට නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිව සිටි ඩේමියන් පෙරේරාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුනේ යැයි කියන දුරකතන ඇමතුම්වල දත්ත මේ වනවිට පද්ධතියෙන් ඉවත් කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඔවුන් ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක දැක්වෙන්නේ නඩත්තු සේවයේ යෙදි සිටි නිලධාරීන් විසින් අදාළ දත්ත ඉවත් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ප‍්‍රකාශයක් ලබාදී ඇති බවයි.

නඩත්තු සේවයේ යෙදී සිටි මෙම නිලධාරීන් මේ වනවිට සේවයෙන් ඉවත් වි ඇතැයිද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

ඒ අනුව අදාළ දත්ත ගබඩාවී තිබූ යන්ත‍්‍රය සිය භාරයට ගත් බවයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේ. දත්ත ඉවත් කළ බව කියන නඩත්තු සේවකයන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.