Monday, March 10, 2025

General line - 0115112241

කෙහෙලියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල්යයි

උදය කුමාර



තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය අවසන් වන තෙක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කළේ.

තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

මෙම නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.