Wednesday, April 24, 2024

General line - 0115112241

වරායේ ඉන්දීය කර්මාන්ත කලාපයක් නැහැ




ති‍්‍රකුණාමලය වරාය ආශි‍්‍රතව විශේෂ ඉන්දීය ආර්ථික කලාපයක් හෝ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජය මේ දක්වා අවසර ලබාදී නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප‍්‍රකාශ කළා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර බිමල් රත්නායක නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මේ අතර බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන පරීක්‍ෂණවලදී මහබැංකුවේ ඉහළම නිලධාරීන් දුන් සාක්‍ෂිවල පරස්පරතා පවතින බවට සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය වෙත නිකුත් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදි සංවාදයක් ඇති වුණා.

ඒ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති ඒ පිළිබද ප‍්‍රශ්න කිරීමත් සමගයි.

(එම ප්‍රකාශය පහතින් අහන්න)