Thursday, March 28, 2024

General line - 0115112241

විද්‍යුත් ඡන්ද ක්‍රමය අයවැයට පෙර පාර්ලිමේන්තුවට




පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේ කටයුතු විද්‍යුත් ක්‍රමයට සිදු කිරීමේ පහසුකම කඩිනමින් ස්ථාපිත කරන බව කතානායක කරූ ජයසූරිය පවසනවා.

එළඹෙන අයවැයට පෙර එම පහසුකම ලබාදීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තුවේ පැවැති උත්සවයකදී කතානායකවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරන ජනමාධ්‍යවේදීන්ට ටැබ් වර්ගයේ පරිගණක ලබා දීම සඳහා මෙම උත්සවය පැවැත්වුණා.

පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමේ කටයුතු විද්‍යුත් ක්‍රමයට සිදු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට ගැණුනද එය මෙතෙක් ක්‍රියාත්මක වන්නේ නැහැ.