Tuesday, March 11, 2025

General line - 0115112241

තමන් සජිත්ට සහාය දෙන බව දයාසිරි කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පාර්ශවය තීරණය කර තිබෙනවා.

සියලු ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළැඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා ප්‍රකාශ කළේ.