Tuesday, March 11, 2025

General line - 0115112241

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය පස්වරුවේ

එන් ඒ ඩබ් නිරෝෂන්



අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකෙරෙනවා.

ඒ, රාජ්‍ය අනුග්‍රහය සහිතව එම විහාරස්ථාන පරිශ්‍රයේදීයි.    

ඒ අනුව පස්වරු 04.30ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් පැවසුවේ.


කලක් රෝගාතුරව සිටි ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 02 වනදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වුණා.

ඒ වනවිට උන්වහන්සේ 81ක් වන වියේ පසු වුණා.

අපවත්වී වදාළ කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපය තුළම ගිහි පැවිදි විශාල පිරිසක් එම විහාරස්ථානයට පැමිණියා.

ඒ අතර දේශපාලඥයන් ද සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.