Saturday, April 20, 2024

General line - 0115112241

පොලිසියට නොවැළැක්විය හැකි හේතුවක් තිබුණලු (UPDATE)




ඔඩ්ඩුසුඩාන් සහ නැදුන්කර්නි යන නගරවල පිහිටි නව පොලිස් ස්ථාන විවෘත කිරීම සඳහා අද (25) දින පැවැත්වීමට තිබූ උත්සව අවලංගු කෙරුණේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අදාළ විවෘත කිරීමේ උත්සව වෙනත් දිනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඔඩ්ඩුසුඩාන් සහ නැදුන්කර්නි යන නගරවල පොලිස් ස්ථාන විවෘත කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන්ගෙන් බාධා එල්ල වූ බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.


TNA මන්ත්‍රීගේ බාධා නිසා පොලිසි 02 ක් නවතී

(Aug 25, 2016 @ 05:32)

ඔඩ්ඩුසුඩාන් සහ නැදුන්කර්නි යන පොලිස් ස්ථාන විවෘත කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන්ගෙන් බාධා පැමිණ තිබෙනවා.

නෙත් නිවුස් වෙත වාර්තා වුණේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහභාගිත්වයෙන් මෙම පොලිස් ස්ථාන අද (25) විවෘත කිරීමට නියමිතව තිබු බවයි.

මීට පෙර ඔඩ්ඩුසුඩාන් සහ නැදුන්කර්නිහි පොලිස් මුරපොල පමණක් කි‍්‍රයාත්මක වුණා. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්ගෙන් සිදුවූ බාධා නිසා නියම කර තිබූ පරිදි අදාළ පොලිස් ස්ථාන අද විවෘත නොවන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.