Friday, March 29, 2024

General line - 0115112241

නවීන්ට ජනපති හමු වී නැහැ




ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය යටතේ ඇති අමෙරිකානු ඩොලර් මිලියන 50 ක පමණ මුදලක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා වූ ලිඛිත ඉල්ලීමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත තවමත් ලැබී නැතැයි නෙත් නිවුස් වෙත වාර්තා වනවා.

එවැනි පවරා ගැනීමක් සිදුවුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වන බවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මීට පෙර කියාසිටියේ.

මෙම ප‍්‍රකාශයෙන් පසු අමාත්‍ය නවීන් දිසානායකට විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගෙන් කැඳවීමක්ද ලැබුණා. ඒ සඳහා වේලාව වෙන්කර තිබුණේ ඉකුත් සඳුදා දිනයේදීයි. කෙසේවෙතත් ජනාධිපතිවරයා විදේශගතවීම නිසා අදාල හමුව මේ දක්වා සිදුවී නැහැ.