Thursday, April 25, 2024

General line - 0115112241

තීරණය අසාධාරණ බව මහනාහිමිවරුන්ටත් කියයි




උතුරු පළාතේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ඉවත් කිරීමට උතුරු පළාත් සභාව ගෙන ඇති තීරණය අසාධාරණ බව පවසමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන් මහනාහිමිවරුන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

උතුරු පළාත් සභාවේ මෙම තීරණය නිසා රට තුළ අනවශ්‍ය ප‍්‍රශ්න රැසක් ඇතිවිය හැකි බවයි උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන් ජනාධිපතිවරයාව සහ අග‍්‍රාමාත්‍යවරයාද දැනුවත්කර තිබෙනවා. උතුරු පළාතේ ඇති බෞද්ධ සිද්ධස්ථාන දෙමළ වැසියන්ගේ මුල් ඉඩම්වල ඉදිකර ඇති බව පවසමින් එ්වා වහා ඉවත් කළ යුතු බව උතුරු පළාත් සභාව ප‍්‍රකාශ කර තිබෙනවා.

එහෙත් එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි පූජ්‍ය සියඹලාගස්වැවේ විමලසාර හිමියන් පෙන්වා දෙන්නේ.