Friday, March 29, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර හමුවෙයි (PHOTOS)




දින කිහිපයක් අතුරුදන්ව සිටි බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සාකීබ් සුලෙයිමාන් නමැත්තාගේ මළ සිරුර මාවනැල්ල රුකුලේගම ප‍්‍රදේශයේ තිබී ඊයේ (24) පස්වරුවේ සොයා ගැනුනා.

කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ අදාළ ව්‍යාපාරිකයාගේ පවුලේ ඥාතීන් මළ සිරුර හඳුනාගත් බවයි. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සාකීබ් සුලෙයිමාන් අතුරුදන් වූයේ ඉකුත් සඳුදා අලුයමයි.

බම්බලපිටිය ප‍්‍රදේශයේ ආපන ශාලාවකින් ආහාර පාර්සලයක්ද රැගෙන, ඔහු සදුඳා අලුයම සිය නිවස අසලට පැමිණ තිබෙනවා. නිවස ආසන්නයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සහ ඔහු රැගෙන පැමිණි ආහාර පාර්සලයද පොලීසිය සිදු කළ විමර්ශනවලදී සොයා ගැනුනා.

පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මුදා හැරීමට රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා අදාළ ව්‍යාපාරිකයාගේ පියාට දුරකතන ඇමතුම් කිහිපයක්ද ලැබී තිබුණා. ඊයේ පස්වරුවේ සොයා ගැනුනු මළ සිරුර සම්බන්ධයෙන් අද (25) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

body 70003-8