Thursday, March 13, 2025

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වෙයි 



හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යානය යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් යානය බර්ලින් වෙත හරවා යවා ඇති බව වාර්තා වෙනවා 

මොන්ටානා හි බොස්මන් හි පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීම සඳහා ට්‍රම්ප් පෞද්ගලික ගුවන් යානයෙන් බොස්මන් වෙත් පැමිණීමේදී කාර්මික දෝෂයට ලක්වී තිබෙනවා 

පසුව  Bozeman ගුවන් ගුවන් තොටුපළ විසින් සැතපුම් 142 ක් ඔබ්බෙන් මොන්ටානා හි Billings  ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුනා 

ට්‍රම්ප්ගේ යානය “අනතුරුවකින් තොරව ගොඩ බැස්වූ” බව බර්ලින් ගුවන් තොටුපළ ප්‍රකාශ කළ අතර, ඔහු වෙනත් පෞද්ගලික ගුවන් යානයකින් Bozeman වෙත පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මොන්ටානා හි බොස්මන් වෙත පැමිණීමෙන් පසුව තම නිල X ගිණුමේ වීඩියෝවක් පළකරමින් මෙලෙස සඳහන් කර තිබුනා 


“මම ගොඩ බැස්සේ ඇත්තටම ලස්සන තැනකට: මොන්ටානා, වඩාත්ම වැදගත් දෙය නම් එක්සත් ජනපද සෙනෙට් සභාවට තරඟ කරන ටිම් ෂීහීට සහය දැක්වීම සඳහා පැමිණීයා. ඔහු සැබවින්ම හොඳින් කරනු ඇතැයි අපි සිතමු. අපි රැලියක් පවත්වන්නෙමු. එය ඉතා විනෝදජනක වනු ඇත. ."