සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය එළඹෙන 17 වනදා දකුණු පළාතෙන් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ පිළිබඳ මෙලෙස අදහස් පල කළා.
පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමයට තිත තැබිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියා.