Tuesday, April 15, 2025

General line - 0115112241

අනාගතය සුරක්ෂිත කරන්න ජන වරම දෙන්න - රනිල්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



මෙරට ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජන වරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි සිය නාමයෝජනා පත්‍රය භාර දීමෙන් අනතුරුව ඒ අසල මාර්ගය දෙපස රැස්ව සිටි සිය ආධාරකරුවන් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.