Tuesday, April 15, 2025

General line - 0115112241

සියලු ජනපති අපේක්ෂකයින්ට ආරක්ෂාව



ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින්ට ආරක්ෂාව ලබා දෙන බව පොලීසිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර.

නාම යෝජනා භාර ගනු ලැබූ අද දින සිට ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ බොහෝ නෛතික ප්‍රතිපාදන අද දින සිට ක්‍රියාත්මක බවද වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.

මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක කරන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.