Tuesday, April 15, 2025

General line - 0115112241

සජබ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් රනිල්ට සහය දීමේ සූදානමක    



සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා එක් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ අතරින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද දිනයේ සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 


මේ අතර, මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රචාරක රැළි සඳහා සහභාගී නොවීමට තීරණය කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තීරණය වෙනස් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අනුව ඔහු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක රැළි ඇමතීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

ඒ පිළිබඳ තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.