Tuesday, April 15, 2025

General line - 0115112241

සෞඛ්‍ය සේවකයන් තැපැල් ඡන්දය ඉල්ලයි

රවින්ද්‍ර විරාජ්



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නිරත නිලධාරීන් හට තැපැල් ඡන්ද භාවිත කිරීමට අවස්ථාව රජය විසින් සලසා දී නැතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි සභාපති රවින්ද්‍ර කහඳවආරච්චි පැවසුවේ එලෙස අවස්ථාව ලබා නොදීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බවයි.


මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කළ හැකි දින වකවානු මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය සඳහා වෙන් කර ඇත්තේ සැප්තැම්බර් 04 වනදායි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින වෙන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.