Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකානු විශ්වවිද්‍යාලයකට ප්‍රහාරයක් (VIDEO)




ඇමෙරිකානු විශ්ව විද්‍යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි මෙම විශ්ව විද්‍යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් සිසුන් හත් දෙනකු ඇතුළු 12 දෙනකු මියගොස් ඇති බවයි එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් දෙදෙනාද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා. තවත් සිසුන් 35 ක් හා පොලිසියේ නව දෙනකු තුවාල ලබා ඇති අතර විශ්ව විද්‍යාලය තුළ සිසුන් 700 කට වැඩි පිරිසක් සිට ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රහාරය එල්ල කළ පිරිස ගැන තවම අනාවරණය වී නැහැ.