Saturday, March 15, 2025

General line - 0115112241

අමෙරිකානු නෞකාවක් දිවයිනට එයි



අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමට එලෙස පැමිණි බවයි නාවික හමුදාව පැවසුවේ.

කොළඹ වරායට පැමිණි එම නෞකාව නාවික හමුදාව විසින් පිළිගනු ලැබුවා.

එම නෞකාව දිගින් මීටර් 160ක් හා නැව් මුළුව 338කින් සමත්විත වනවා.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව එම නෞකාව හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.