Tuesday, April 15, 2025

General line - 0115112241

ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට පත් වූ පොඩි පැටී දිවයිනට රැගෙන එන්න වැඩ ඇරඹේ



ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජික පොඩි පැටී දිවයිනට රැගෙන ඒම සඳහා කටයුතු කරන බව පොලිසිය පවසනවා.

ඔහුගේ ඇඟිලි සලකුණු පරික්ෂාවක් සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට එරට බලධාරින් විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවද වාර්තා වුණා.

ඒ අනුව එම කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පොඩි පැටී දිවයිනට රැගෙන ඒමට රාජතාන්ත්‍රිකව කටයුතු කරන ලෙසට අදාළ රාජ්‍ය ආයතන වෙත දැනුම් දීමටයි පොලිසියේ අවධානය යොමු වී ඇත්තේ.

පොඩි පැටී නැමැත්තා පසුගියදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ බව කියන ලොකු පැටීගේ සහෝදරයා වනවා.

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය මෙහෙයවා ඇත්තේ ලොකු පැටී බවටයි වාර්තා පල වුණේ.

මේ අතර අපරාධවල නිරත වෙමින් විවිධ රටවල සැගව සිටින පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් 168 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා.

එම අපරාධකරුවන්ගෙන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සැගව සිටින බවටයි වාර්තා වන්නේ.