Saturday, March 15, 2025

General line - 0115112241

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ 06 දෙනෙකු අත්අඩංගුවට



ශ්‍රී පුර, ගැමුණුපුර ප්‍රදේශයේදී සිදු වූ පුද්ගල ඝාතනයකට ආධාර අනුබල දුන් බවට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගවට ගෙන තිබෙනවා.

ඉකුත් 16 වනදා  යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

මෙම අපරාධය මෙරටින් පලා ගොස් ඩුබායි හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පාතාල ප්‍රියන්ත විසින් මෙහෙයවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවටද පැවසෙනවා.

එහෙත් මෙම වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා, ඝාතනය කිරීමට අපේක්ෂාවෙන් සිටි පුද්ගලයා නොවන බවටයි මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ.