Saturday, March 15, 2025

General line - 0115112241

ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලයි.  

ජයන්ත වීරසේකර



හම්බෙගමුව, මව්ආර ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් සොයාගෙන තිබෙනවා.

ඒ, තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

වැටලීම සිදු කළ අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වැටලූ ගංජා හේනේ ගංජා ගස් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබූ බවත් එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික බවත් පොලිසිය අනාවරණ කර තිබෙනවා.

මේ වන විට සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි හම්බෙගමුව පොලිස් ස්ථානය වැඩිදුරටත් පැවසුවේ.