Saturday, March 15, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ දෙවන මෙහෙයුම යටතේ තවත් වැටලීම් 627ක්



විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ වැටලීම් 627ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 618 දෙනෙක් සහ සැකකකාරියන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ඉන් සැකකරුවන් 14 දෙනෙක් වැඩිදුර විමර්ශන සඳහාත් සැකකරුවන් 05 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කිරීමටත් නියමිතයි.

මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ පමණක් මුළු වැටලීම් 409ක් සිදු කළ තිබෙනවා.

එම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 101ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 126ක් සහ ගංජා ග්‍රෑම් 188ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.