Tuesday, April 15, 2025

General line - 0115112241

දකුණු කොරියාවේ රැකියා සඳහා තවත් පිරිසක් දිවයිනෙන් පිටත්ව යයි



දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා තවත් ශ්‍රි ලාංකිකයින් පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එම පිරිසට ශ්‍රමිකයන් 120 දෙනෙකු අයත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.

කාන්තාවන් තිදෙනෙකු ද  ඒ අතර වනවා.

දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රි ලංකාවට ලැබී ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.