Sunday, March 16, 2025

General line - 0115112241

IMF විවාද ආරාධනයට මාලිමාවෙන් පළමුවරට උත්තර



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ අභියෝගය ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහි ජාතික විධායක සභික, ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ ශ්‍රී ලංකාව දැනට එළඹ ඇති ගිවිසුමේ සංශෝධිත කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන තත්ත්වය රට තුළ නිර්මාණය වන්නේ නම් ගිවිසුම සංශෝධනය කර ගැනීම සඳහා ඕනෑ තරම් ඉඩ පවතින බවයි ඔහු මෙහිදී පැවසුවේ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.