හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීfමි සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සැකකැවෙකු ලෙස නම් කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමට විදේශ ගතවීම වලකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කටුනායක සහ මත්තල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කෙරුණා.
හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම අත් අඩංගුවට ගැනීමට ගියද පදිංචිව සිටි නිවසේ ඔහු නොමැති බවත් සිටින තැනක් සොයා ගැනීමට නොහැති බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.
විදේශ රටක සිට දිවයිනට පැමිණ සිටින හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම යළි විදේශ ගතවීමේ සූදානමක් පවතින බවටද තොරතුරු ඇති බවත් රහස් පොලිසිය මෙහිදි ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවීන රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රාහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවෙකු ලෙස නම් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමට විදෙස් ගත වීම වලකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වල ආගමන විගමන පාලකවරුන්ට වෙන් වෙන් වශයෙන් තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව රහස් පොලිසිය මෝසමක් මගින් යළි කැඳවා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැක්විමක් සළකා බලමින්.
මෙහිදි රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මේ වන විට සැකකරුවෙකු ලෙස නම් කර ඇති බවයි
ඒ අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට ඔහු පදිංචිව සිටි මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවසට ගියද එම නිවසේ ඔහු හෝ පවුලේ කිසිවෙකු නොමැති බවද අධිකරණයට පවසා තිබෙනවා.
රහස් පොලිසිය ඔහු සිටින වෙනත් ස්ථානයක ලිපිනයක් හෝ පදිංචි ස්ථානයක් පවා සොයා ගැනීමට නොහැකි බවද එහිදී ප්‍රකාශ කළා.
ඔහුගේ ජංගම දුරකථනද ක්‍රියා විරහිත කොට ඇති බවද අධිකරණයට සැළකල රහස් පොලිසිය සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම විදේශ රටක සිටි මේ වන විට දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවද සදඟන් කර තිබෙනවා.
සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම යළි විදේශ ගතවීමේ උත්සහයක් පවතින බවට ද තොරතුරු ලැබී ඇති බවද අධිකරණයට දැනුම් දුන් රහස් පොලිසිය ඒ අනුව ඔහුට විදේශ ගතවීම වලකාලමින් කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපල වල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියා.
රහස් පොලිසියේ කරුණු දැක්වීම් පිළිගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට විදේශ ගතවීම වලකාලමින් කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපල වල ආගමන විගමන පාලකවරුන්ට වෙන් වෙන් වශයෙන් තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ලෙසටද අහස් පොලිසියට තවදුටරත් නියෝග කර තිබෙනවා.
රහස් පොලිසිය තමා අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් එලෙස අත් අඩංගුවට ගත හොත් තමා ඇප මත මුදා හරින ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මගින් අධිකරණයට ඉදිරිපත් කල අපේක්ෂිත ඇප අයදුම්පතක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මීට පෙර ප්‍රතික්ෂේප කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය මූලික කරුණු දැක්වීම්වලදී රහස් පොලිසිය අධිකරණයට සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ දිනයේ ඒ ආසන්නයේ මාර්ගයක සුදු පැහැති මෝටර් රථයක් ගමන් ගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවයි.
එම සීසීටීවී දර්ශන වල සටහන්ව ඇති සුදු පැහැති මෝටර් රථය අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය බවට සැක කරන්නේ යැයිද? දැනුම් දුන් රහස් පොලිසිය එහෙත් ස්ථීරවම ඒ බව තහවුරු කර ගැනීමට තරම් අදාළ සීසීටීවී දර්ශන පැහැදිලි තත්වයේ නොපවතින බවද කියා සිටියා.
එම නිසා අදාළ සීසීටීවී දර්ශන රජයේ රස පරික්ෂකවරයා වත යවා වා්ර්තාවක් කැඳවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසද ඉල්ලා සිටි අතර රහස් පොලිසියේ එම ඉල්ලීමට අවසර ලබා දුන් ප්‍රධාන මහේස්ත්‍රත්වරයා එකී රස පරික්ෂක වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරුණා.
මේ අතර මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන අනුරාධපුරයේ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු පරිහරණය කල ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කල ස්ථානයේ තිබී සොයා ගත් පිස්තෝල හිස් උන්ඩ විමර්ශනයක් සඳහා මීට පෙර අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත යවනු ලැබුවා.
එළෙස යැවුනේ අනුරාධපරු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට විමර්ශන වලදී අනාවරණ වී ඇති බවට රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන් අවස්ථා වේදියි.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය බාරයට ගෙන විමර්ශක අරඹා වැදගත් තොරතුරු රැසක් හෙලි කර ගත් බවද පවසා සිටි රහස් පොලිසිය වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඉදිරියේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.
වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශනයේදී රහස් පොලිසිය විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු පරිහරණය කල පිස්තෝලය සිය බාරයට ගැනීමත් සමඟ සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකදී මීට පෙර ප්‍රකාශ කළා.
ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන බවද එහිදි සඳහන් කල මාධ්‍ය ප්‍රකාශකවරයා සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන් තොටුපෙලේදී වෙනත් පුද්ගලයෙකුට බාරදී ඔහු මෙළෙස මැලේසියාවට ගොස් ඇති බවත් සිය රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද පවසා සිටියා.
වෙඩි තැබීමට අදාළව අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත දැනට යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 12ක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රාහාර එල්ල කර ඇද්ද? යන්න අනාවරණ කර ගැනීම සඳහා එම පැති අවි දෙකද (පිස්තෝල දෙක) රජයේ රස පරික්ෂකවරයා වෙත අධිකරණ නියෝග මීට පෙර යැවුණා.