අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතරට ඝාතනය සිදු කිරීමට පැමිණි වෙඩික්කරුද ඇතුළත්.
32 හැවිරිදි ඔහු ගාල්ල, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති දෙවන සැකකරු මෝටර් රථය පැදවූ බවට සැකකරන පුද්ගලයායි.
29 හැවිරිදි වියේ පසුවන ඔහු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්නවත්ත පිරිවෙන හංදියේ බස් නැවතුම්පොළ අසලදීයි.
ඒ, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්.
ඉකුත් ජූලි මස 08 වනදා අතුරුගිරියේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වූ අතර තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
සිද්ධියට සම්බන්ධ අනෙක් වෙඩික්කරුද මීට පෙර අත්අඩංගුවට ගැණුනා.