Monday, March 17, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ වේදිකා තුළ උණුසුම් කළ කතා



ආර්ථික අර්බුදය සමයේ රටක් ලෙස ශ්‍රී ලංකාවට වඩා පෞද්ගලිකව තමන් සතුව ඩොලර් තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවාග ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පැවති අර්බුදයෙන් මිදී දැන් රට පොහොසත් වීමේ මාර්ගයට පැමිණ ඇති බවයි. 

වසර දෙකකින් රටේ දුප්පත්කම නැති කිරීමට නව වැඩපිළිවෙළක් සකසන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවාග ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එම වසර දෙක තුළ සෑම දුප්පත් පවුලකටම රුපියල් 20ල000 බැගින් ලබා දෙන බවයි. 

ගම ශක්තිමත් කරන නව ආර්ථික වැඩපිළිවෙළක් සකස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. 

ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර දිසානායක පැවසුවේ දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක් වෙනුවෙන් රුපියල් 10000.00 සිට සහන ලබා දෙන බවයි. 

මේ වන විට මතුව ඇති ගුවන් ගමන් බලපත්‍ර ගැටලුව විසඳීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේදී නව වැඩපිළිවෙළක් සකස් කර තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවාග ජනාධිපතිවරණ ජන රැළියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ පැවසුවේ මෙරට ගැටලු රැසක් විසඳීමට නව තාක්ෂණික විප්ලවයක් සිදු කරන බවයි.