ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වුවා.
ඒ, කොළඹදීයි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දැන් රටට අවශ්‍ය වන්නේ වසර ගණනාවක් ඈතට දිවෙන සැලසුම් නොව කඩිනමින් රට ගොඩගත හැකි සැලසුමක් බවයි.
කඩිනමින් සිදුකරන වැඩසටහන් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.
මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේ මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කරන්නේ ලබන 04වනදා බවයි ඔහු කියා සිටියේ.