Saturday, March 15, 2025

General line - 0115112241

එංගලන්ත පන්දු හමුවේ ශ්‍රී ලංකා මුල් පෙළ බිඳ වැටේ



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 03ක් දැවී ලකුණු 72ක් රැස් කර ගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පිටියට පිවිසි නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න ලකුණු 07 බැගින් රැස් කරගෙන සිටියදී දැවී ගියා.

අංක 03 පිතිකරුවා ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 12කටයි.  ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් මේ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා. 

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කළා. ජෝ රූට් ලකුණු 143යි.

ගස් ඇට්කින්සන් ලකුණු 118ක් රැස් කළා. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණා.