Tuesday, March 18, 2025

General line - 0115112241

රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ කොල්ල කල්ලියක් අත්අඩංගුවට



රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධ කොල්ල කල්ලියක් වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් අනුරාධපුරය, පූනෑව, මිහින්තලය, පරසන්ගස්වැව, උළුක්කුගම හා පුවරසන්කුලම් ප්‍රදේශවලදී රන් මාල කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර, වවුනියාව හා කලවංචිකුඩි  ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් විසින් කොල්ලකන ලද රන් මාල වවුනියාව ප්‍රදේශයේ ස්වර්ණාභරණ ආයතනවලට උකස් කර තිබෙනවා. ඒවා උණුකර රන් ගුලි ලෙස සකස් කර තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.