Tuesday, March 18, 2025

General line - 0115112241

උතුරේ දරුවන්ට යුද හමුදාවෙන් අත්වැලක්

සජිත් ගයාන්



යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය හා සමාජීය අවශ්‍යතා සඳහා ඉදි කෙරුණු සිමික් උද්‍යාන දෙක ජනතා අයිතියට පත්කිරීම සිදු වුණා.

ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ ප්‍රදානත්වයෙන්.

අධ්‍යයන ප්‍රදේශවල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ශාරීරික ව්‍යයාම්වල යෙදීම හා ක්‍රීඩාවන්හී යෙදීමට අවශ්‍ය පහසුකම් ඇතුලු විශේෂාංග රැසකින් එම උද්‍යාන සමන්විතයි.

පලාලි හා කිලිනොච්චිය ප්‍රදේශවල එම උද්‍යායන ස්ථාපිත කර තිබෙනවා.

ඒවා විවෘත කිරීමට සමගාමීව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් සිසුන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීමද සිදුවුණා.