Wednesday, April 24, 2024

General line - 0115112241

කෝටිපති ව්‍යාපාරික ඝාතනයට සැක 05 ක් වෙත පොලිස් දැල – මේ සුලෙයිමාන් කවුද?




මොහොමඩ් ශාකීබ් සුලෙයිමාන් පුවත මේ වන විට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඊට බලපෑ ප්‍රධානතම සහ ආසන්නතම හේතුවක් බවට, ඔහු බම්බලපිටියේ පදිංචිකරුවෙකුවීමත් කෝටිපති ව්‍යාපාරිකයෙකුවීමත් මූලික වූ බවයි දක්නට ලැබෙන්නේ. ඔහුගේ අතුරුදන්වීමේ සිට මළසිරුර හමුවීම දක්වාම මෙරට ජනමාධ්‍ය ආයතන සහ සමාජ වෙබ් අඩවිද ඒ පිළිබඳ දැඩි උනන්දුවකින් කරුණු වාර්තා කළා. මීට පෙරද බම්බලපිටියේ ජීවත්වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් ඝාතනයද මේ ආකාරයෙක් දැඩි සමාජ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් බවට පත්වුණා.

ඊයේ රාත්‍රියේ මළසිරුර හමුවූ ශකිබ් සුලෙයිමාන් කෝටිපති ව්‍යාපාරිකයෙකු වන්නේ රෙදිපිළි සහ නිමිඇදුම් තොග වශයෙන් මෙරටට ආනයනය කිරීම නිසයි. ඔහු ඉන්දුනීසියාව සහ චීනය යන රටවල් දෙකෙන් බහුල ලෙස රෙදිපිළි ආනයනය කළා. ඔහුගේ ප්‍රධාන ගැණුම්කරුවන් බවට පත්වූයේ පිටකොටුවේ සිටින මහාපරිමාණ තොග වෙළඳ ප්‍රජාවයි. ඊට අමතරව යාපනය මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශවල සිටින මහාපරිමාණ තොග අලෙවිකරුවන් වෙතද ශකිබ් සුලෙයිමාන් රෙදි සහ නිමිඇදුම් අලෙවිකළ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. පසුගිය සඳුදා අලුයම ඔහු පැහැරගැනීමකට ලක්වූ බවට පවුලේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිළි ඉදිරිපත් කර තිබුණා. ඉන්පසුව ශකිබ් සුලෙයිමාන්ගේ පියා වෙත දුරකතන ඇමතුම් ලබා දුන් පිරිසක් රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ඉල්ලා සිටියා. පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරතුර ඊයේ රාත්‍රියේ සුලෙයිමාන්ගේ බවට සැක කෙරෙන මළසිරුරක් මාවනැල්ල ප්‍රදේශයේදී සොයා ගැණුනා. ඊට පසු ඔහුගේ පියා විසින් මළසිරුර හඳුනාගත්තා.

ශකීබ් සුලෙයිමාන් පැහැර ගැනීමට ලක්වීමට පෙර තමාට අයවිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීම පැහැර හරිනු ලබන පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි දෙකක් ඉදිරිපත් කර තිබුණා. එමෙන්ම තමන්ට ලැබුණු චෙක් පතකින් සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැල්ලවත්ත වංචා විමර්ශන පොලිස් කොට්ඨාශයටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වෙනවා. එම සියලු තොරතුරු මේ වන විට පොලිසිය විසින් යළි විමර්ශනය කරමින් සිටින බව සඳහන්. එම පරීක්ෂණ මත මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍ය වන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මීට සුළු මොහොතකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට නියෝගයක් නිකුත් කළා.

ඒ කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි. එහිදී ප්‍රකාශ කෙරුණේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි.

ඔවුන් රටින් පිටවීමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වනවා.

00001dead 00002dead 00003dead 00004dead 00005dead 00006dead 00007dead 00008dead 00009dead 00010dead 00011dead 00012dead