Wednesday, March 19, 2025

General line - 0115112241

බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීමේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය කල් යයි



බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා ලිඛිත පරීක්‍ෂණය සමත් වූ අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතා පරික්‍ෂණය කල් දමා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින එය පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ, පල්ලේකැලේ අඟුණකොළපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ බන්ධනාගාර ආශ්‍රිත මධ්‍යස්ථානවලදීයි.

එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම යෝග්‍යතා පරීක්‍ෂණය ඔක්තෝබර් 05 සහ 06 යන දිනවලදී පැවැත්වෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.