Wednesday, March 19, 2025

General line - 0115112241

ඇල්පිටියේ පුංචි ඡන්දය දේශපාලන පක්ෂවලට අමතක වෙයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ ඉකුත් අගෝස්තු මස 26වන දිනයි.

ඒ අනුව ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ කර දින 11ක් ගත වුවද ඊයේ පස්වරුව දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හම ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කර තිබුණේ නැහැ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම මෙම මස 11වනදා මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීම මෙම මස 09වනදා සිට 12වනදා මධ්‍යහ්න 12දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කළේ.