Tuesday, April 15, 2025

General line - 0115112241

කොස්ලන්ද කඳු රක්‍ෂිතයේ ගින්නක්

ජයන්ත වීරසේකර



කොස්ලන්ද පහළ කදු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් එම රක්‍ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොස්ලන්ද පහල කදු රක්ෂිතයේ, වැල්ලවායට ඉහල කදු පංතිය කොටසේ එම ගින්න හටගෙන ඇති බවයි.

මේ දිනවල එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

අද උදෑසන වන විට එම ගින්න සම්පූර්ණයෙන් ම පාලනය වී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.